සත්ජන සමාජ සංවර්ධන පදනම
විවිධ ස්වේච්ඡා සේවා සංවිධාන සමග ක්‍රියාත්මක වී අත්දැකීම් ඇති ආචාර්ය පී. කේ. යූ. අදිකාරම් මහත්මා විසින් 1987. 09. 16 දින බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පෝරුවදණ්ඩ ග්‍රාමයේ සෙත්සෙවන නිවසේ දී “ලංකා ජාතික සංස්කෘතික පදනම“ නමින් මෙම සංවිධානය ආරම්භ කරන ලදී.
සත්ජන දැක්ම
“මනුෂ්‍යත‍වයේ ගරුත‍වය උදෙසා විමසිලිමත් සමානාත්මතා සත්ජන සමාජයක්“
සත්ජන මෙහෙවර
කායික, මානසික, ආධ්‍යාත්මික, පාරිසරික ස්වස්ථතාව හා සංවර්ධනය උදෙසා සහසොබා පිළිවෙතක පිහිටා ක්‍රියාකාරී වීම.
සංවිධාන ව්‍යුහය
ගිහි ප්‍රභූන්ගෙන් සහ පැවිදි උතුමන්ගෙන් සැදුම්ලත් උත්තර මණ්ඩලයක මාර්ගෝපදේශණය හා විධායක සභාවක අධීක්ෂණය ඇතිව ක්‍රියාකරන සේවා අංශ 7 කින් අපගේ සංවිධාව ව්‍යුහය සැකසී ඇත.
සංවිධාන ධූරාවලිය
සත්ජන සමාජ සංවර්ධන පදනමේ උත්තර මණ්ඩලයේ සිට සාමාජිකත්වය දක්වා පියවර 12 කින් සංවිධාන ධුරාවලිය සැකසේ.
අතිපූජනීය මහානායක මාහිමිපාණන් වහන්සේගේ ආශීර්වාදය

“දුල්ලභෝ මනුස්සත්තපටිලාභෝ“ මිනිසත් බව ලැබීම දුර්ලභ ය. ඒ දුර්ලභ වූ මනුෂ්‍යාත්මභාවය තමන්ට මෙන් ම අනුන්ට ද හිත වැඩ පිණිස පවත්වාගෙන යාම ඊටත් වඩා දුර්ලභ කරුණකි. ඉතා වේගයෙන් මිනිසුන් තුළ මනුෂ්‍ය ධර්ම පිරිහෙමින් පවත්නා මෙබඳු යුගයක මනුෂ්‍යත්වයේ ගරුත්වය සුරැකීම සඳහා පුද්ගලයන් වශයෙන් මෙන් ම කණ්ඩායම් වශයෙන් ද කැපවීම අත්‍යවශ්‍ය ය. එම අවශ්‍යතාව මීට දශක තුනකට ඉහත දී හඳුනාගත් පී. කේ. යූ. අදිකාරම් මහත්මා “මනුෂ්‍යත්වයේ ගරුත්වය උදෙසා විමසිලිමත් සමානාත්මතා සත්ජන සමාජයක්“ ගොඩනැඟීමේ උදාර අධ්‍යාශය ඇති ව සත්ජන සමාජ සංවර්ධන පදනම ආරම්භ කිරීම ප්‍රශංසනීය ය.


උත්තර මණ්ඩලයේ ලේඛකාධිකාරී හිමියන්ගේ පණිවිඩය

විවිධ අරමුණු හා පරමාර්ථ ඇති ව ආරම්භ කෙරෙන සමාජසේවා සංවිධාන අතර සත්ජන සමාජ සංවර්ධන පදනම තරමක් වෙනස් යැ යි හැෙ`ග්. එයට හේතුව තමන් තුළ මනුෂ්‍යත්වය අවදි කරමින් අන්‍යයන් තුළ මනුෂ්‍යත්වය අවදි කරවීමට කැපවන සංවිධානයක් වීම ය. ඒ ස`දහා භාවිතයට ගන්නා ප්‍රධාන උපාය මාර්ගය වනුයේ සහභාගිත්ව සංවර්ධන න්‍යාය යි. එනම් බෝසත් උපාය මාර්ගය යි.

බෝසත්වරු සසර පුරාවට අන්‍යයන්ගේ යහපත වෙනුවෙන් කැපවෙති. එය ම උන්වහන්සේලාට දුර්ගුණ දුරුකරන යහගුණ වඩන උපාය මාර්ගය වෙයි. එය ම බුදුබව ලබන උපාය මාර්ගය ද වෙයි. සැවොම සම්බුදුබව නොපැතුව ද අපි සැම එමග යන්නෝ වෙමු.


නිර්මාතෘ / සභාපතිතුමාගේ පණිවිඩය

අසූව දසකයේ අග භාගයේ දී එවකට ශ්‍රී ලංකාවේ පැවති සමාජ දේශපාලනික ස්වභාවය මත පැනනැඟී තිබුණු ව්‍යසනකාරී වටපිටාවෙන් ලද අත්දැකීම් හා පන්නරය හේතුකොටගෙන මසිත හටගත් “මනුෂ්‍යත්වයේ සුපෝෂණය උදෙසා යම් දර්ශනයක් හා චරණයක් මානව ප්‍රජාව වෙත දායාද කිරීමේ චේතනාව“ සත්ජන සමාජ සංවර්ධන පදනමේ උපතට හේතු විය. එතැන් පටන් දින සති මාස වර්ෂවලට පෙරැලී ගෙවුණු තිස් වසරක අතීතය ප්‍රත්‍යවලෝකනය කරන අපගේ ප්‍රාර්ථනාව වනුයේ, විවිධ හේතු මත ඛෙදී ඇති විශ්ව මානව සමාජය සත්ජන දර්ශනය මත රැෙ`දමින්, මනුෂ්‍යත්වයට ගරු කරන මානව ගුණාංග හා සංගත වූ උපේක්ෂා පූර්වාංගම විශ්ව සාධාරණ සත්ජන මානව සමාජයක් ගොඩනැඟීම හා මනුෂ්‍යත්වයේ සුපෝෂණය උදෙසා එක් ව ක්‍රියා කරමින් සත්ජන කල්‍යාණමිත්‍ර සන්ථවයෙන් බැ`දී පෙරටුගාමී වීම, දූතගාමී වීම තුළින් සක්‍රිය වනු දැකීම යි.


අධ්‍යයක්ෂ මණ්ඩලය
ආචාර්ය පී. කේ. යූ. අධිකාරම් මහතා
නිර්මාතෘ හා සභාපති
සභාපති, කළමණාකාර අධ්‍යක්ෂක සියැස මිඩියා නෙට්වර්ක් පුද්ගලික සමාගම
සභාපති, කළමණාකාර අධ්‍යක්ෂක එස් එන් බී හෝල්ඩින් පුද්ගලික සමාගම
බ්‍රිගේඩියර් නිහාල් ලක්ෂ්මන්ද තිසේරා මහතා
අධ්‍යක්ෂක
විශ්‍රාමලත් බ්‍රිගේඩියර් - ශ්‍රී ලංකා යුධ හමුදාව
වෛද්‍ය සාලිය දුමින්ද ගෞතමදාස මහතා
අධ්‍යක්ෂක
රජයේ වෛද්‍ය නිළධාරි දකුණු කොළඹ ශිෂ්ක‍ෂණ රෝහල, කලූබෝවිල.
බුද්ධිත හෙට්ටිගේ මහතා
අධ්‍යක්ෂක
කථීකාචාර්්‍ය - කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය
මල්කාන්ති වැලිපිටිය මහත්මිය
අධ්‍යක්ෂිකා
අධ්‍යක්ෂිකා හා උප සභාපතිනිය සියැස මිඩියා නෙට්වර්ක් පුද්ගලික සමාගම
බුද්ධි අධිකාරම් මහතා
අධ්‍යක්ෂක
අධ්‍යක්ෂක සියැස මිඩියා නෙට්වර්ක් පුද්ගලික සමාගම
එස් එන් බී හෝල්ඩින් පුද්ගලික සමාගම
නිතිඥ සමිත ආටිගල මහතා
අධ්‍යක්ෂක
නිතිඥ

සත්ජන සමාජ සංවර්ධන පදනම

අංක 28, සෙත්සෙවන, පෝරුවදණ්ඩ. ශී්‍ර ලංකාව

0773436640 / 0718403246 / 0773721502

info@sathjana.org