උත්තර මණ්ඩලයේ ලේඛකාධිකාරී හිමියන්ගේ පණිවිඩය
විවිධ අරමුණු හා පරමාර්ථ ඇති ව ආරම්භ කෙරෙන සමාජසේවා සංවිධාන අතර සත්ජන සමාජ සංවර්ධන පදනම තරමක් වෙනස් යැ යි හැෙ`ග්. එයට හේතුව තමන් තුළ මනුෂ්‍යත්වය අවදි කරමින් අන්‍යයන් තුළ මනුෂ්‍යත්වය අවදි කරවීමට කැපවන සංවිධානයක් වීම ය. ඒ ස`දහා භාවිතයට ගන්නා ප්‍රධාන උපාය මාර්ගය වනුයේ සහභාගිත්ව සංවර්ධන න්‍යාය යි. එනම් බෝසත් උපාය මාර්ගය යි.

බෝසත්වරු සසර පුරාවට අන්‍යයන්ගේ යහපත වෙනුවෙන් කැපවෙති. එය ම උන්වහන්සේලාට දුර්ගුණ දුරුකරන යහගුණ වඩන උපාය මාර්ගය වෙයි. එය ම බුදුබව ලබන උපාය මාර්ගය ද වෙයි. සැවොම සම්බුදුබව නොපැතුව ද අපි සැම එමග යන්නෝ වෙමු.

සොබාදහම් මග බොහෝ දෙනා සිතන ක්‍රමයට වඩා තරමක් වෙනස් ය. අනුන්ගේ යහපත කැමති වන විට තමන්ට යහපත වෙයි. අනුන් රකින්නට අවංක ව කැපවන විට තමන් රැකෙයි. එය සොබාදහමේ රීතිය යි. එම සොබාදහම් රීතිය සමග සහසොබාදම් වෙමින් තමන් වැඩෙන අතර අන්‍යයන්ට ඒ මග පෙන්වා දෙන වැඩපිළිවෙළ සත්ජන ප්‍රතිපදාව යි.

කලින් කලට මනුලොව ගුණදම් අවදිකරනු පිණිස යුග පුරුෂයෝ පහල වෙති. තිස් වසරකට ඉහත දී සමාජය ගිනිගත් මොහොතක ආත්මාර්ථ පරාර්ථ සාධනයෙහි ලා මෙම උපාය මාර්ගය ක්‍රියාවට නංවමින් සත්ජන සමාජ සංවර්ධන පදනම නිර්මාණය කළ පී. කේ. යූ. අදිකාරම් නැමති සත්පුරුෂයා එබ`දු යුග පුරුෂයෙකැ යි හැෙ`ග්.

ගෙවී ගිය තිස් වසරින් විසි වසරක් පුරා එතුමන්ගෙන් ලද කල්‍යාණ මිත්‍ර ඇසුර නිසා අපගේ චින්තනය, දැක්ම, ආකල්පයන්හි යම් පරිවර්තනයක් වී ද, එම පරිවර්තනය හේතුකොටගෙන අද අපි යම් සමාජ ශාසනික මෙහෙවරකට උර දී සිටිමු ද එය ම එතුමන්ට උපහාරයක් වේවා æ පුරා තිස් වසරක් එම ගමන්මගට දැන හෝ නොදැන සහාය වූ ගිහි පැවිදි සියලූ සත්ජනයන්ට අපගේ කෘතඥතාව පළකරන අතර මනුෂ්‍යත්වයේ පරිසමාප්තිය තෙක් අප හා එක් ව පියනඟන්නට මනුෂ්‍යත්වය අගයන සැමට මෙත් සිත් පෙරටුව ඇරයුම් කරමු.

පූජ්‍ය. කුකුල්පනේ සුදස්සී ස්ථවිර
සත්ජන උත්තර මණ්ඩලයේ ලේඛකාධිකාරී
ශී්‍ර ලංකා ශ්වේජින් නිකායේ නියෝජ්‍ය ලේඛකාධිකාරී

සත්ජන සමාජ සංවර්ධන පදනම

අංක 28, සෙත්සෙවන, පෝරුවදණ්ඩ. ශී්‍ර ලංකාව

0773436640 / 0718403246 / 0773721502

sathjanafoundation@yahoo.com