නිර්මාතෘ / සභාපතිතුමාගේ පණිවිඩය
අසූව දසකයේ අග භාගයේ දී එවකට ශ්‍රී ලංකාවේ පැවති සමාජ දේශපාලනික ස්වභාවය මත පැනනැඟී තිබුණු ව්‍යසනකාරී වටපිටාවෙන් ලද අත්දැකීම් හා පන්නරය හේතුකොටගෙන මසිත හටගත් “මනුෂ්‍යත්වයේ සුපෝෂණය උදෙසා යම් දර්ශනයක් හා චරණයක් මානව ප්‍රජාව වෙත දායාද කිරීමේ චේතනාව“ සත්ජන සමාජ සංවර්ධන පදනමේ උපතට හේතු විය. එතැන් පටන් දින සති මාස වර්ෂවලට පෙරැලී ගෙවුණු තිස් වසරක අතීතය ප්‍රත්‍යවලෝකනය කරන අපගේ ප්‍රාර්ථනාව වනුයේ, විවිධ හේතු මත ඛෙදී ඇති විශ්ව මානව සමාජය සත්ජන දර්ශනය මත රැෙ`දමින්, මනුෂ්‍යත්වයට ගරු කරන මානව ගුණාංග හා සංගත වූ උපේක්ෂා පූර්වාංගම විශ්ව සාධාරණ සත්ජන මානව සමාජයක් ගොඩනැඟීම හා මනුෂ්‍යත්වයේ සුපෝෂණය උදෙසා එක් ව ක්‍රියා කරමින් සත්ජන කල්‍යාණමිත්‍ර සන්ථවයෙන් බැ`දී පෙරටුගාමී වීම, දූතගාමී වීම තුළින් සක්‍රිය වනු දැකීම යි.

සත්ජන දර්ශනය සමග එක් ව තිස් වසරක් පුරා සත් මගෙහි නොනිමි ගමනක් ආ සත්ජන කල්‍යාණමිත්‍ර සැමට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන අතර විශ්ව සත්ජන මානව සමාජයක් කරා යන ගමනෙහි උත්සුක වීමට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරමු.

පී. කේ. යූ. අදිකාරම
නිර්මාතෘ / සභාපති
සත්ජන සමාජ සංවර්ධන පදනම
සියැස මිඩියා නෙට්වර්ක් පුද්ගලික සමාගම
එස් එන් බී හෝල්ඩින් පුද්ගලික සමාගම සභාපති

සත්ජන සමාජ සංවර්ධන පදනම

අංක 28, සෙත්සෙවන, පෝරුවදණ්ඩ. ශී්‍ර ලංකාව

0773436640 / 0718403246 / 0773721502

sathjanafoundation@yahoo.com