අතිපූජනීය මහානායක මාහිමිපාණන් වහන්සේගේ ආශීර්වාදය
සත්ජන සමාජ සංවර්ධන පදනමේළ
උත්තර මණ්ඩලයේ ප්‍රධාන අනුශාසක
අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ
අතිපූජනීය මහානායක
මාහිමිපාණන් වහන්සේගේ ආශීර්වාදය


“දුල්ලභෝ මනුස්සත්තපටිලාභෝ“ මිනිසත් බව ලැබීම දුර්ලභ ය. ඒ දුර්ලභ වූ මනුෂ්‍යාත්මභාවය තමන්ට මෙන් ම අනුන්ට ද හිත වැඩ පිණිස පවත්වාගෙන යාම ඊටත් වඩා දුර්ලභ කරුණකි. ඉතා වේගයෙන් මිනිසුන් තුළ මනුෂ්‍ය ධර්ම පිරිහෙමින් පවත්නා මෙබඳු යුගයක මනුෂ්‍යත්වයේ ගරුත්වය සුරැකීම සඳහා පුද්ගලයන් වශයෙන් මෙන් ම කණ්ඩායම් වශයෙන් ද කැපවීම අත්‍යවශ්‍ය ය. එම අවශ්‍යතාව මීට දශක තුනකට ඉහත දී හඳුනාගත් පී. කේ. යූ. අදිකාරම් මහත්මා “මනුෂ්‍යත්වයේ ගරුත්වය උදෙසා විමසිලිමත් සමානාත්මතා සත්ජන සමාජයක්“ ගොඩනැඟීමේ උදාර අධ්‍යාශය ඇති ව සත්ජන සමාජ සංවර්ධන පදනම ආරම්භ කිරීම ප්‍රශංසනීය ය.

බොහෝ සංවිධානවලට හොඳ අරමුණු ඇතත් දිගු කාලයක් එම අරමුණෙහි පිහිටා කි්‍රයා කිරීම පහසු නො වන බව පෙනේ. සත්ජන සමාජ සංවර්ධන පදනමට තම අරමුණින් බැහැර නො වී වසර තිහක් ක්‍රියාකිරීමට හැකි වීම විශේෂයෙන් අගය කළ යුතු ය. එහෙයින් ම තිස් වසරක ගමන්මග ප්‍රත්‍යවලෝකනය කරමින් අද සතුටු වන්නට හැකි ව තිබේ. යමක් සිදුකර සතුටු සිතින් එහි ප්‍රතිඵල අත්විඳිය හැකි නම් එවැනි දේ සඳහා කැප වීම සුදුසු ය. අයහපත් දේ සිදුකිරීම පහසු වුවත් යහපත් දේ සිදු කිරීම එතරම් පහසු නැත. සත්ජන පදනම විසින් සිදු කරනුයේ එබ`දු අපහසු කාර්යයකි. රත්නත්‍රයේ අනන්ත ගුණානුභාවයෙන් හා උතුම් දළදා සමිඳුන්ගේ ආනුභාව බලයෙන් එම දුෂ්කර කාර්යය ඉදිරියටත් පවත්වාගෙන යාමට සත්ජන සමාජ සංවර්ධන පදනමේ සභාපති පී. කේ. යූ. අදිකාරම් මහතා ඇතුළු සියලූ සත්ජනයින්ට ශක්තිය ධෛර්යය ලැබේවා යි ආශීර්වාද කරමි.

මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ
අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ
මහා නායක අතිපූජනීය වරකාගොඩ ධම්මසිද්ධි
ශී්‍ර පක‍ද්ක‍දානන්ද ක‍දාණරතනාභිධාන
මහානායක මාහිමිපාණන් වහන්සේ

සත්ජන සමාජ සංවර්ධන පදනම

අංක 28, සෙත්සෙවන, පෝරුවදණ්ඩ. ශී්‍ර ලංකාව

0773436640 / 0718403246 / 0773721502

sathjanafoundation@yahoo.com